ABOUT PEARST
Pears Banner

About Pears

 

අම්මි, ඔබේ පුංචි පැටියාගේ සුමුදු සමට ඉහළම රැකවරණය දීමට Pears අපි සූදානම්!

වසර 60කට අධික කාලයක් පුරාවට ලාංකේය මව්වරුන්ගේ නොමඳ විශ්වාසය දිනාගත් Pears, පුංචි පැටවුන්ගේ සුමුදු සමට අවශ්‍ය උපරිම රැකවරණය ලබාදීම වෙනුවෙන්ම කැපවුණු සන්නාමයකි.

අම්මා කෙනෙකුට තම කිරිකැටියා යනු ලොව ඇති වටිනාම වස්තුවයි.

ඒ කිරිකැටියාගේ සුමුදු සමෙහි ස්වභාවික සුවපත් බව කිසිදු හානියකින් තොරව ආරක්ෂා කර ගැනීම සෑම මවකගේම එකම ප්‍රාර්ථනය වන අතර, Pears සැමවිටම උත්සාහ කරන්නේ මවකගේ ඒ බලාපොරොත්තුව ඉහළින්ම ඉටු කිරීමටයි.

අපගේ සෑම නිෂ්පාදනයක්ම ළදරු සත්කාර පිළිබඳ හසළ දැනුමක් ඇති ජාත්‍යන්තර විශේෂඥයින්ගේ (Baby Care Experts) පූර්ණ මඟපෙන්වීම යටතේ නිර්මාණය වේ. දරුවෙකු හදා වඩා ගැනීමේ අභියෝගාත්මක මෙන්ම සුන්දර ගමනේදී මවකට දැනෙන වගකීම් සහගත බව මනාව වටහා ගන්නා Pears, ඇයට අවශ්‍ය නොසැලෙන විශ්වාසය සහ ශක්තිය ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටියි. විශේෂයෙන්ම, දරුවාගේ සුමුදු සමෙහි ආරක්ෂාව පිළිබඳව මවකගේ සිතේ ඇති වන සියුම් සැකසංකා දුරු කරමින් ඇයට උපරිම මානසික සැනසීමක් ලබා දීම අපගේ මූලික අරමුණයි.

Pears නිෂ්පාදන පෙළ නිපදවනු ලබන්නේ Unilever සමාගමේ ISO 9001:2015 තත්ත්ව සහතිකය ලත් කර්මාන්ත ශාලාවක වන අතර, Pears නිෂ්පාදන SLS තත්ත්ව සහතිකයෙන් ද පිදුම් ලබා ඇත. ඔබේ පැටියාට සුරක්ෂිතම රැකවරණය ලබා දීම සඳහා ජාත්‍යන්තර ළමා රෝග විශේෂඥවරුන් විසින් මෙම නිෂ්පාදන සායනිකව පරීක්ෂා කර තහවුරු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සමග පවතින නිරත්තර බැඳීම හේතුවෙන් Pears සන්නාමය මව්වරුන් අතර ඉහළ වෘත්තීය පිළිගැනීමක් දිනා ඇත.

විශේෂඥයින්ගේ විද්‍යාත්මක දැනුම සහ මවකගේ අපරිමිත සෙනෙහස එකට මුසු කරමින් නිර්මාණය කර ඇති Pears, තම දරුවාට හොඳම දේ ලබා දීමට වෙහෙසෙන සෑම මවකටම ලැබෙන ආදරණීය අත්වැලකි.

කිරිකැටියාගේ සමේ සුවපත් බව සහ ආරක්ෂාව පිළිබඳව නිරතුරුවම සැලකිලිමත් වන, දේශීය හා ජාත්‍යන්තර විශේෂඥ විශ්වාසය දිනූ Pears, අදටත් සුවහසක් ලාංකේය මව්වරුන්ගේ අංක එකේ තේරීමයි!

Ammi, Pears is ready to give your little one’s soft skin the ultimate care!

With a legacy of over 60 years, Pears has earned the unwavering trust of Sri Lankan mothers. We are a brand dedicated solely to providing the maximum protection and nourishment required for a baby’s delicate skin.

To a mother, her baby is the most precious treasure in the world. It is every mother’s wish to protect the natural health of that soft skin without any harm, and Pears always strives to fulfill that hope to the highest standard.

Every one of our products is created under the full guidance of international baby care experts. Understanding the sense of responsibility a mother feels during the challenging yet beautiful journey of raising a child, Pears is committed to providing her with unwavering confidence and strength. Our primary goal is to provide peace of mind by dispelling any doubts a mother may have regarding the safety of her baby’s skin.

Pears products are manufactured in a Unilever ISO 9001:2015 certified factory and have also been awarded the SLS quality certification. To ensure the safest care for your baby, these products are clinically tested and confirmed by international pediatricians. Furthermore, Pears has gained high professional recognition among mothers due to its continuous partnership with Family Health Volunteers in Sri Lanka.

Created by blending the scientific knowledge of experts with the boundless affection of a mother, Pears is a loving helping hand for every mother who strives to give her child the very best.

Caring constantly for the health and safety of your baby’s skin, and trusted by both local and international experts, Pears remains the number one choice for millions of Sri Lankan mothers today!

Pears Products

Pears Sweet Princess Baby Cologne 100ml

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100ml

Pears Pure and Gentle Baby Soap 90g

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ (4)

90g

Pears Flower Fairy Baby Cologne

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ (4)

100ml

Pears Bed Time Baby Cream

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100ml

Pears Naturals Kokum Baby Soap

Ustore
⭐ ⭐ ⭐ ⭐ ⭐ ⭐ (5)

100g