උපතේදීම බිලිඳු සමෙහි දක්නට ලැඛෙන නිල් – අළු පැහැ ලප වර්ගය කුමක්ද?

Mongolian blue spots (මොන්ගෝලියන් බ්ලු ස්පෝට්ස්) ලෙස සාමාන්‍යයෙන් හඳු න්වන බිලිදුන්ගේ සම ආශ්‍රිතව ඇති වන ලප විශේෂය වෛද්‍ය විද්‍යාත්මකව congenital dermal melanocytosis ලෙස හඳුන්වයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදි මෙවැනි තත්ත්වයන් කුඩා දරුවන්ගේ සම ආශ්‍රිතව ඇතිවන සෞඛ්‍යමය වශයෙන් දරුවාට හානිදායක නොවන ලප වර්ග ලෙස හඳුන්වා ඇත. මේවා අයත් වන්නේද උපන් ලප වර්ගයටමය.

සාමාන්‍යයෙන් උපතේදීම මෙම ලප දක්නට ලැඛෙන අතර තට්ටම් ප්‍රදේශයේ හා පහළ පිටකොන්ද ප්‍රදේශයේ බහුලව දක්නට ලැබේ. සමහර විටෙක බාහුවල ද දක්නට ලැබේ. නිල්-අළු පැහැයකට හුරු මෙම ලප රතු පැහැයෙන් ඇතිවන අවස්ථා ද ඇත. කෙසේ වෙතත් දරුවා පරීක‍ෂා කරන පළමු අවස්ථාවේම වෛද්‍යවරයා විසින් එය නිශ්චය කරගනු ලබයි.

මේ සඳහා හේතු තවම සොයාගෙන නොමැති අතර ප්‍රධාන ලක‍ෂණ වන්නේ,
  • සමෙහි ස්වභාවයෙන්ම පැතලිව නිල්-අළු පැහැයෙන් පැවතීම
  • 2-8 cm පමණ ප්‍රමාණයේ ලප
  • අක්‍රමවත් හැඩැති ලප

කිසිසේත් මෙම ලප පිළිකා කාරක ෙසෙල නොවන අතර දරුවාගේ හමේ අවපැහැ වීම හැර කිසිදු සෞඛ්‍ය ගැටලූවක් ඇති නොවේ. දරුවන් වැඩිවියට පත්වන විට බොහෝ විට මෙම ලප ස්වභාවිකවම ඉවත් වී යයි.

යක්කල, ගම්පහ ආයුර්වේද විද්‍යායතනයේ ආයුර්වේද වෛද්‍ය නිලීකා සමන්වීර මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

TAGS:

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *